Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka and south korea

දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

2 years ago

සෝල් අගනුවර ඇති විය හැකි නොසන්සුන්කාරී තත්ත්ව හේතුවෙන් අනිද්දා සහ ලබන සෙනසුරාදා දිනවල තානාපති කායර්‍යාලය ජනතාව සදහා විවෘත නොවන බව දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කායර්‍යාලය නිවේදනය කරනවා.

ඒ අනුව, එරට සිටින සියලු ශ්‍රී ලාංකිකයින් හදිසි අවශ්‍යතාවක් නොමැති නම් අදාළ දිනවලදී සෝල් නගරය වෙත පැමිණීම අවම කරන ලෙසයි එම තානාපති කායර්‍යාලය ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, යම් හදිසි අවස්ථාවකදී 02-735-2966, 02-735-2967 සහ 02-794-2968 යන දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කායර්‍යාලය අංකය හෝ 070-4009-2992 යන දුරකතන අංකවලට ඇමතූම් ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කරනවා.