Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එක්සත් රාජධානියෙන් පැනවූ සම්බාධක ගැන අධ්‍යයනයට ත්‍රිපුද්ගල අමාත්‍ය කමිටුවක්

2 years ago

එක්සත් රාජධානියෙන් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකුට සම්බාධක පැනවීම පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට, විදේශ අමාත්‍ය විජිත හේරත් ඇතුළු ත්‍රිපුද්ගල අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා.

අද (2) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරගතයුතු ඉදිරි පියවර පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස පහත සංයුතියෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත්, එකී කමිටුවේ කාර්යයන් සඳහා අවශ්‍ය බැවයි සැලකෙන, අදාළ විෂය පිළිබඳව ප්‍රවීණතාවක් සහිත අන් කවර හෝ නිලධාරියකුගේ/ විද්වතකුගේ සේවය ලබා ගැනීම පිණිස කමිටුව වෙතබලය පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය (නීතිඥ) හර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මෙසේ පත්කර තිබුණා.