ඊයේ (01) අලුයම් කාලයේ දී කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ සොරකමක් සිදුව තිබෙනවා.
ඒ එහි තැන්පත් කර තිබූ වසර 175කට වඩා පැරණි ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ පෙරහර ප්‍රතිමාවෙහි වූ රන් ආභරණය, ඔටුන්න හා ඊතල 7ක් ය.
එය යම්කිසිවෙක් විසින් සොරාගෙන ගොස් ඇති අතර එම දර්ශන සීසීටීවී කැමරාවක සටහන්ව ඇත.
පසුව ඔහු ප්‍රතිමාව ද රැගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් හා පොලීසිය විසින් එය සොයා තිබෙනවා.
පසුව දේවස්ථානයට යාබද ප්‍රාථමික පාසලක වහලයක් මත පොහොර උරයක දමාගොස් තිබියදී ප්‍රතිමාව සොයාගෙන තිබෙනවා.
නමුත් ප්‍රතිමාවේ වූ ඔටුන්න, ඊතල හා රන් භාණ්ඩ ඔහු සොරාගෙන ඇත.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කර ඇත.
