මෙවර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව ගුරුවරුන්ගේ වැටුප් සත්‍ය ලෙසම වැඩිවී ඇත්තේ රුපියල් 3000 සිට 19,000ක පරාසයක බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
මූලික වැටුපේ වැඩිවීමක් සිදුවී තිබුනත් එය සිදුවී ඇත්තේ මෙතෙක් රාජ්‍ය සේවකයන්ට ලැබුණ රුපියල් 7500ක දීමනා මූලික වැටුපට එකතු කිරීමෙන් බවත් හෙතෙම පෙන්වා දෙයි.
රුපියල් 20,000ක වැටුප් වැඩි වීමක් සම්බන්ධයෙන් සමස්ත රාජ්‍ය සේවකයින් අරගල කළ බවත් එය ඉටුවී නැති බවත් ඒ මහතා කියයි.
චෝදනා එල්ලවී ඇති ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහළ නිලධාරීන් හරහා පළමු වැනි ශ්‍රේණියේ හා හයවැනි ශ්‍රේණියේ අධ්‍යාපන ක්‍රම ලොකු වෙනසක් සිදුකරීමට රජය උත්සාහ කරන බවද එම ආයතනයේ ඇතැම් ඉහළ නිලධාරීන්ට විගණන වාර්තා ඇතුළු විවිධ අංශ වලින් චෝදනා එල්ල වී තිබියදී ඔවුන් වත්මන් රජයේ ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටිමින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කිරීමට යෑම රජය සියදිවි නසා ගැනීමට දරන උත්සාහයක් ලෙස තමා දකින බව ද ස්ටාලින් මහතා කීය.
විෂය නිර්දේශ වසර අටෙන් අටට සංශෝධනය විය යුතු වුවත් 2023 වසරේ එය සිදු නොකිරීම නිසා සිසුන් ලක්ෂ 43 ක් පමණ වසර 02 ක් තිස්සේ පැරණි නිර්දේශ අනුව අධ්‍යයන කටයුතු කරගෙන යන බවට හෙතෙම චෝදනා කරයි.
01 සහ 06 ශ්‍රේණිවල අධ්‍යාපනයේ ලොකු වෙනසක් කරන බව රජය ප්‍රකාශ කරන නමුත් මේ වසරේ මාස තුනක් ගතවුවද එම වෙනස විදුහල්පතිවරුන් හෝ ගුරුවරුන් නොදන්නා බව ද ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.
