නඩු කටයුතුවලදී අක්‍රමිකතා සිදුකළ බව චෝදනා එල්ල වූ මාරවිල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අසේල සිලවාගේ සේවය වහ ක්‍රියාත්මක පරිදි අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා.
මාරවිල අධිකරණයේ නිතීඥවරුන් පිරිසක් විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබූ පැමිණිලි කිහිපයක් විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සුරසේනගේ ප්‍රධානත්වයෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් ඔහුට එරෙහිව තිබු චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
එම විමර්ශන වාර්තා පදනම් කර ගනිමින් මෙම වැඩ තහනම සිදු කර ඇති බවයි අධිකරණ සේවා කොමිෂන් සභා ආරංචි මාර්ග සදහන් කළේ.
