අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව අද (03) යළිත් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.
ඒ අනුව විශේෂ ආරක්‍ෂාවක් යටතේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔහුගේ ආරක්‍ෂාවට ගිනිඅවි සහිතබන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් ද යොදවා තිබෙනවා.
වැඩතහනමට ලක් ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉකුත් 20 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිතබන්ධනාගාරගත කෙරුණා.
