Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෝදිගේ සංචාරය හේතුවෙන් කටුනායක අධිවේගය හෙට අවස්ථා කිහිපයකදී වැසෙයි

2 years ago

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය හේතුවෙන් හෙට (04) සවස 6.00 සිට රාත්‍රි 10.00 දක්වා කටුනායක අධිවේගී මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාල සිමාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන තැනැත්තන්ට මෙම මාර්ගය වසා තැබීම පිළිබඳව අවධානය යොමුකරමින් තමන්ගේ සංචාරය සැලසුම් කර ගන්නා ලෙසයි.

මේ මස 05 වැනි දින ගාලු මුවදොර නිදහස් චත්‍රරශ්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශයෙහි මාර්ග අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.