Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශබන්දු යළි රිමාන්ඩ්

2 years ago

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු අද (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පසුගිය (20) වෙනිද‍ා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.

අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මාර්තු (19) පෙරවරුවේ අධිකරණයට භාර වූයේ නීතීඥවරුන් විශාල පිරිසක් සමගයි.

ඒ එම නියෝගය නිකුත් කර දින 20 ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුවයි.