ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට නිල සංචාරය හෙට (04) ආරම්භ වීමට නියමිතයි.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කළ නිවේදනයේ සඳහන් වන්නේ මෝදි හෙට සිට අප්‍රේල් 06 වනදා දක්වා දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන්කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුව මෙම සංචාරය සිදුවන බවයි.
එහිදී බහුවිධ ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කර සහයෝගීතාවයේ නව මාර්ග සාකච්ඡා කිරීමට නියමිත බවත් එමෙන්ම සිය සංචාරය තුළ හමුවීම් කිහිපයකට සහභාගී වීමටද නියමිත බවද එම X සටහනේ සඳහන් වේ.
ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සංචාරය අතරතුරදී අනුරාධපුරයට ගොස් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමටත්, ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටත් නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
