ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි ගේ පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් එතුමා සංචාරය කරන ප්‍රදේශ තුල සිටින විදී සුනඛයින් සහ යාචකයින් ඉවත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් මේ වන විට සංසරණය වෙමින් පවති.
නමුත් වැඩබලන පොලිස්පතිතුමා හෝ පොලිස් මූලස්ථානය විසින් එලෙස විදී සුනඛයින් සහ යාචකයින් ඉවත් කිරීම සඳහා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී නොමැත.
ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ පැමිණිම හේතුවෙන් මෙලෙස වීදී සුනඛයින් හා යාචකයින් ඉවත් කිරීමට ක්‍රියා කරනු නොලැබේ.
කෙසේ වුවත් මෙම ප්‍රචාරයන්ට පාදක වූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට වැඩබලන පොලිස්පතිතුමා විසින් තීරණය කර ඇත.
