Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බූස්ස බන්ධනාගාරය - boossa prison

බූස්ස බන්ධනාගාරය තුළදී රැඳවියෙක් ඝාතනය කරයි

2 years ago

බූස්ස බන්ධනාගාරය තුළ දී රැඳවියෙක් විසින් සිදුකළ පහරදීමකින් තවත් රැඳවියෙකු අද (04) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උල් ආයුධයකින් මෙම පහරදීම සිදුකර ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ ගොතටුව, බටලන්දහේන ප්‍රදේශයේ පදිංචිව සිට බන්ධනාගාර ගත වූ 48 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් දැනට අවුරුදු තුනක පමණ කාලයක් රැඳවුම් භාරයේ සිටි අයෙක් බවයි වාර්තා වුණේ.

උල් ආයුධයකින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පාඩු බරපතළ තත්ත්වයෙන් සිටි එම රැඳවියා කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර අද (04) පස්වරුවේ ගාල්ල මහේස්ත්‍රාත්වරිය ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය බූස්ස බන්ධනාගාර කඳවුරේදී සිදුකර තිබෙනවා.

රත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.