Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇල්පිටිය රත් කරමින් පත්තු වූ වෙඩිල්ල

2 years ago

ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශයේ ඊයේ (04) රාතියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක පිහිටි නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ බෙලිගස්වේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක් වන විවාහක පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.