Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවයිනට පැමිණි මෝදි සිංහලෙන් සහ දමිළ බසින් තැබූ X සටහන

2 years ago

තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල X ගිණුමේ සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් සටහනක් තබා තිබෙනවා. 

එහි දැක්වෙන්නේ, “කොළඹට පැමිණියෙමි. ගුවන් තොටුපොළේදී මා පිළිගත් අමාත්‍යවරුන්ට සහ සම්භාවනීයයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් සඳහා අපේක්ෂාවෙන් පසු වෙමි.” යනුවෙනි.

ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාව විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන අමාත්‍යවරුන් විසින් පිළිගනු ලැබීය.

එම අවස්ථාවට සරෝජා සාවිත්‍රී පෝල් රාජ්, ක්‍රිෂාන්ත අබේසේන, අනිල් ජයන්ත යන අමාත්‍යවරුන් ද එක්වී සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරත වන සිව්වන අවස්ථාව මෙය බව සඳහන් ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙවර මෙරටට පැමි‍ණ තිබේ.