Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් සැරයන් හප්පා ලංගම බසයක් පලා ගිහින්! පොලිස් සැරයන් මරුට!

2 years ago

පොලිස් නිලධාරියෙක් අනතුරට ලක්කර පළා ගිය බස් රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් අදාළ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොළොන්නරුව මූලස්ථානයට පොලිසියට අනුයුක්තව රාජකාරි කටයුතු කළ පොලිස් සැරයන්වරයෙක්.

ඊයේ මෙම පොලිස් නිලධාරියා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ ගල්ලෑල්ල ප්‍රදේශයට ගොස් පා ගමනින් පැමිණෙමින් සිටින අතරතුර මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.

කොළඹ සිට මඩකලපුවට ධාවනය වූ බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අදාළ බස් රථයේ රියදුරු මෙම අනතුර සිදු කර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ බස් රථය සහ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.