Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ පැවැත්වීමට සැරසෙන විරෝධතාවයකට අධිකරණයෙන් ආඥාවක්

2 years ago

කොළඹ ප්‍රදේශයේදී අද (05) දින සිදුකිරීමට සැලසුම් කර ඇතැයි කියන උද්ඝෝෂණයක් පිළිබඳව කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු සහ හිටපු කැඳවුම්කරු ඇතුළු හත්දෙනෙකු උදෙසායි අදාළ ආඥාව නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, ඔවුන්ට කොළඹ කොටුවට සහ ගාලු මුවදොරට ඇතුළුවීම වළක්වා තිබෙනවා.

මෙම ආඥාව කඩ කිරීම දණ්ඩ නීති සංග්‍රහයට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි එහි සඳහන් වන්නේ.