Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආපදා සහන සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරයට

2 years ago

පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අද දින විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, වෛද්‍ය කණ්ඩායමක්, ජනතාව මුදවා ගැනීමේ කණ්ඩායමක් මෙන්ම සහන කණ්ඩායමක් ඒ අතර වන බවයි.

එසේම විපතට පත් ජනතාව වෙනුවෙන් ත්‍රෛනීකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව රැස් කල ආධාර තොගයද එම ගුවන් යානයෙන් රැගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.