Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන 08 වනදා සිට ඇරඹෙන විශේෂ ප්‍රවාහන සේවා

2 years ago

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා ලබන 08 වනදා සිට විශේෂ බස් රථ සේවාවන් ක්‍රියාත්මක කරන බවත් අවශ්‍යතාව පරිදි අතිරේක බස් රථ යෙදවීමට ද සැලසුම් කර ඇති බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා පවසනවා.

මේ අතර අප්‍රේල් 10 වනදා සිට දුරගමන් සේවා බස් රථ ධාවනයට එක් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නියෝමි ජයවර්ධන මහත්මිය පවසනවා.

එමෙන්ම දුර ගමන් බස් රථ ධාවනය වන වේලාවන් ඇතුළත් කාලසටහන් ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කරන බවද ඇය සඳහන් කළාය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සහ දීර්ඝ සති අන්ත නිවාඩුවට සමගාමීව ලබන 10 වනදා සිට විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල, අනුරාධපුරය, ගාල්ල, බෙලිඅත්ත සහ කන්කසන්තුරය දක්වා එම විශේෂ දුම්රිය ධාවන වැඩසටහන ක්‍රියාත්මකයි.

දුම්රිය ධාවනය වන වේලාවන් ඇතුළත් නිවේදනය පහතින්.