Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් නිවේදනයක්

2 years ago

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (06) රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙනවා.

ඒ අනුව සබරගමුව, මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට සහ මුලතිව්, වව්නියාව, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ හේතුවෙන් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.