Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් රැසක උසස් පෙළ ගුරුවරුන්ගේ හිඟයක්!

2 years ago

දිවයිනේ පැසල් රැසක උසස් පෙළ ගුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලන් මහතා සඳහන් කළේ, මේ සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා රජයට කිසිදු වැඩපිළිවලක් නොමැති බවය.

“රජය දිගින් දිගටම කියනවා 30,000ක ගුරු හිඟයක් තියෙනවා කියලා. මේක පුරවන්න වැඩපිළිවෙලක් නෑ. මේ වෙද්දි කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා උසස් පෙළ ගුරු හිඟයක් තියෙනවා. ඉන්න ගුරුවරුන්ට දැන් බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙනවා දරාගන්න බැරි කාලසටහන් ප්‍රමාණයක් ඔවුන්ට ලැබිලා තියෙනවා. උසස් පෙළ සඳහා අවශ්‍ය වෙන්නේ විද්‍යාව, ගණිතය සඳහා ඉංග්‍රීසි මාධ්‍ය උපාධිධාරීන් අවශ්‍යයයි. IT ගුරුවරු අවශ්‍යයි. ඔවුන්ව බඳවා ගන්න කිසිම වැඩපිළිවෙලක් නෑ. මේක බරපතළ අර්බුදයක්.”