Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩබලන පොලිස්පති පොලිසියට පැන වූ තහනම

2 years ago

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම, නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට සුභ පැතීමේදී ත්‍යාග ලබාදීම නොකල යුතු බවටයි ඒ තුළින් දැනුම් දී ඇත්තේ.

එසේ ලබාදෙන කිසිදු මුදලක් හෝ ත්‍යාගයක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් භාර නොගත යුතු බවට ද වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මෙම උපදෙස් පිළිනොපදින නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.