Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති අනුර සනත් ජයසූරියගෙන් කළ ඉල්ලීම

2 years ago

සිය රජයේ පළමු වසර පහක කාලය තුළ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ඉදි කර එහි ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙනු දැකීමට තමා අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය තමාගෙන් සිදු කළ විමසීමකදී මෙම අදහස් ඔහු හා පැවසූ බවයි.

“අපි කොහොමහරි යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් හදලා, ජාත්‍යන්තර ක්‍රිකට් මැච් එකක් ගහන්න ඕනැ අපේ මුල් අවුරුදු 5 ඇතුළත, ඒ ක්‍රිකට් කණ්ඩායමේ සිංහල, දමිළ, මුස්ලිම් අය සෙල්ලම් කරන්න ඕන, අපි එකට එකතුව් එන්න ඕනෑ හැම කෙනෙක්ම”