ලබන 27 වන දා නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා.
තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද (19) ආරම්භ කරන බවයි.
තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලබන 29 වනදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ සියලු තැපැල් ඡන්ද පත්රිකා ලබන 21 වනදා වන විට බෙදා අවසන් කරන බවයි.