Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනවාරියේ සිට අධ්‍යාපනයේ පෙරළිකාර වෙනසක්! සිසුන්ට හා මවුපියන්ට සහනයක්!

2 years ago

අද වනවිට දරුවන්ගේ අධ්‍යාපනය මවුපියන්ට බරක් වගේම දරුවන්ට පීඩාවක් වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

දරුවන් යන්ත්‍ර බවට පත් කර ඇති මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට තම රජය විසින් පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් විශාල වෙහෙසක් දරමින් කටයුතු කරන බවත් එළැඹෙන ජනවාරි මාසයේ සිට දරුවන්ට බරක් නොවන නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස සඳහන් කළේය.

“අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල වෙහෙසක් දරමින් කටයුතු කරනවා. අද දරුවන්ගේ අධ්‍යාපනය මවුපියන්ට බරක් වගේම දරුවන්ට පීඩාවක් වී තිබෙනවා. දරුවන් යන්ත්‍ර බවට පත් කර ඇති මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා.

එළැඹෙන ජනවාරි මාසයේ සිට දරුවන්ට බරක් නොවන නව විෂය නිර්දේශ අපි හඳුන්වා දෙනවා. දරුවන්ට අධ්‍යාපනයට ලැබීමට අවශ්‍ය පහසුකම් අපි ලබා දෙනවා. ඒ වගේම ඇතැම් කුඩා පාසල් පිළිබඳ තීන්දු තීරණ ගනිමින් ඒ ආසන්නයේ තිබෙන පහසුකම් ඇති පාසල්වලට ආණ්ඩුවේ මැදිහත්වීමෙන් දරුවන් යොමු කරනවා.

රටේ එක් දරුවෙක්වත් පහසුකම් නැතිව හෝ ගුරුවරුන් නැතිව අධ්‍යාපනයෙන් පිටමන් නොවිය යුතුයි. ඒ නිසා අපි වැඩිම බර තබා තිබෙන්නේ අධ්‍යාපනයටයි. අද අපේ මවුපියෝ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දරන වැය බර අපි අඩු කරනවා.”