Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමාජ මාධ්‍යයේ හුවමාරු වන දළදා වහන්සේගේ ඡායාරූපය සම්බන්ධව විමර්ශනයක්! ඡායාරූපය ප්‍රසිද්ධ කළ අයට වැඩ වරදී!

2 years ago

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාතර්මෙන්තුව විසින් විමශර්න ආරම්භ කර තිබෙනවා.

ඒ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්ව ඇත්තේ මෙම දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් හට තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාර් තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය.

එසේ තිබියදී සංසරණය වන මෙම ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදි ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක්ද එසේ නැතහොත් මෙය සංස්කරණය කරන ලද්දක්ද යන බව අනාවරණය කර ගැනීම සඳහා විමර්ෂනයක් ආරම්භ කර තිබේ.

එම විමශර්නයේ ප්‍රථිපල මත මෙම ඡායාරූපය ලබාගත් හෝ සකස්කළ තැනැත්තන් සඳහා පවත්නා නීතිය යටතේ පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.