ගම්පහ ඔස්මන් නැමැත්තා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සූදානමින් කරවීමේ සිද්ධිය පාතාල සාමාජික බටුවත්තේ චාමර නැමැත්තා විසින් මෙහෙයවා ඇතැයි අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව ඔහුගේ උවමනාව මත කමාන්ඩෝ සලින්ත නැමැත්තා සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්ම එක්ව මෙම සැලසුම සකස් කර ඇති බවටයි දැනට සිදු කළ විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ.
ජාත්‍යන්තර රතු වරෙන්තු පවා නිකුත් කර තිබිය දී බටුවත්තේ චාමර විසින් මැලේසියාවේ සිට මෙම සැළසුම සකස්කර ඇතැයි සඳහන්.
ඊට අදාළ ගිනි අවි ලබා දී ඇත්තේ, නදුන් චින්තක හෙවත් හරක්කටාගේ පාර්ශවයෙන් බවටයි වාර්තා වන්නේ.
ගම්පහ ඔස්මන් නැමැත්තා ඇතුලු පිරිසක් ඝාතනය කිරීමට සූදානම් වූ කෙහෙල්බද්දර පද්ම නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයන් 07 දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට ගැනුණා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය ගම්පහ – තම්මිට ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.
එහිදී ටී – 56 අවි 2 ක්, මැගසින් 2ක්, මෙන්ම උණ්ඩ 105 ක් සහ ජංගම දුරකථන 15 ක්ද සොයා ගැනුනා.
අදාළ ප්‍රදේශයේ ඊයේ පැවැති අවුරුදු උත්සවයක ආරාධිතයෙකු ලෙස ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර නැමැත්තා ඇතුලු පිරිසක් එක් වීමට නියමිතව තිබූ අතර, එහිදී ඔවුන් වෙඩි තබා ඝාතනය කිරීමටයි සැලසුම සකස්කර ඇත්තේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය වෙත තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, අදාළ සැකකරුවන් පිරිස ගම්පහ -තම්මිට ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී පෙරේදා රාත්‍රීයේදී අත්අඩංගුවට ගැනුනා.
ඔවුන් පොලිසිය වෙත භාර දීමට විශේෂ කාර්ය බලකාය මගින් කටයුතු කර තිබෙනවා.
ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ සැකකරුවන් සම්බන්ධව රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.
ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර නැමැත්තා ඝාතනය කිරීමට මීට පෙරද අවස්ථා 03 කදී සැලසුම් දියත් කර තිබූ අතර ඉන් අවස්ථා දෙකක්ම මෙහෙයවා තිබුණේ පසුගියදා ඝාතනයට ලක් වූ අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ පාර්ශවයයි.
ඒ අනුව, මෙය ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමේ උත්සහයේ ව්‍යර්ථ වූ 04 වන සැලසුම ලෙස හැදින්වෙනවා.
(source – hiru)
