Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

2 years ago

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත් සහ හම්බන්තොට, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා අදාළ වන පරිදියි.

එම නිවේදනය අද (21) රාත්‍රී 11 දක්වා අදාළ නිවේදනය වලංගු වන බවයි එහි දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.