රාජ්ය සේවයේ පුරප්පාඩු පවතින රැකියා සඳහා තෝරා ගැනීම් කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රජයේ රැකියා සඳහා දේශපාලකයින් පිටුපස ගිය කාලය අවසන් වී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරනවා.
කුරුණෑගල නගරයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රචාරක රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ රාජ්ය ආයතනවල ඉහළ නිලධාරින්ට වෙනස් වීමට මාස 06ක කාලයක් ලබාදුන් බවත් මැයි මාසයේ සිට වෙනස් නොවන රාජ්ය නිලධාරින් වෙනස් කිරීම ආරම්භ කරන බවයි.
