ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නික්ම යෑමත් සමඟ එම තනතුරට කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පත් කිරීමට අවස්ථාවක් ඇති බවට ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් මත පළ කර තිබෙනවා.
ඒ අතර Washington Examiner, USA Today, The Times of India වැනි මාධ්‍ය ආයතන කිහිපයක් පවතී.
Washington Examiner පුවත්පත, පාප් තනතුරට මීළඟට පත්වීම සඳහා වඩාක් හැකියාවක් පවතින පිලිපීනයේ කාදිනල් ලුයිස් ටැගල්(Luis Tagle), ප්‍රංශයේ කාදිනල් ජීන්-මාක් ඇවලීන් (Jean-Marc Aveline) සහ ඉතාලියේ කාදිනල් පියෙට්‍රෝ පැරොලින් (Pietro Parolin) වැනි කාදිනල්වරුන් අතරට කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ද ඇතුළත් කර තිබෙනවා.
USA Today ඉදිරිපත් කර ඇති වාර්තාවක් මඟින්ද මැටියෝ සුප්පි (Matteo Zuppi), ජෙරාඩ් මුලර් (Gerhard Müller), රොබට් සාරා (Robert Sarah) සහ රේමන්ඩ් බර්ක් (Raymond Burke) ඇතුළු ගෝලීය වශයෙන් පාප් තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති කාදිනල්වරුන්ගේ ලැයිස්තුව අතරට මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නමද එක් කර තිබුණා.
එමෙන්ම, The Times of India පළ කළ විශ්ලේෂණයක දැක්වෙන්නේ, ගතානුගතික දේවධර්මීය අදහස් දැරීම සහ ගෝලීය දකුණ නියෝජනය කිරීම යන හේතු මත එතරම් ප්‍රසිද්ධියක් උසුළන අපේක්ෂකයෙකු නොවුණත් මැල්කම් රංජිත් හිමිපාණන්ට පාප් තනතුර හිමිවීමේ හැකියාවක් පවතින අතර ඔහු අපේක්ෂකයින් අතර ‘කළු අශ්වයෙකු’ මෙන් දිස්වන බවයි .
මේ වන විට, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේද කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර තිබෙනවා
ඒ අනුව ඊළග පාප් වහන්සේ තොරාගන්නා තෙක් කැමරලෙන්ගෝවරයා ලෙස ෆැරල් කාදිනල් හිමිපාණන් කටයුතු කරනු ඇති.