Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට පිය පුතු දෙපළක් ගැන සැකයක්

2 years ago

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියදාස්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්වී ඇතැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

වැල්ලම්පිටිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (23) මේ නියෝගය නිකුත් කළා.

ඒ, සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම මෙම අපරාධයට පිය පුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී හෙළිවී ඇති බව දැනුම්දී තිබෙනවා.

එම පිය පුතු  දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ පුද්ගලයින් දෙදෙනා විදේශගතවීම වළක්වාලමින් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් වෙත නියෝගයක් ද නිකුත් කළා.

මියගිය තැනැත්තාගේ සහෝදරයකු වන තිළිණ  ප්‍රසාද් නමැත්තා මීට වසර කිහිපයකට ඉහතදී  කපා කොටා ඝාතනය කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් මෙම පිය පුතු දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවතින බවත් පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබෙනවා.

ඒ අනුව, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ පිය පුතු දෙපළකට විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කළා. ඩෑන් ප්‍රියදාස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැක පිට පොලිසිය විසින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.