Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිරි දළදා වන්දනාවට පැමිණ පෝලිම්වල සිටින ජනතාවට ස්ටිකරයක්! ස්ටිකර් සහිත අයට ප්‍රමුඛතාවයක්!

2 years ago

‘සිරි දළදා වන්දනාව’ සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇත.

ඊයේ (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (23) පස්වරුවේ පැවැත් වූ ඒකාබාද්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

“මේ වනවිට ලක්ෂ 4කට අධික පිරිසක් මහනුවර නගරයේ සහ ඒ අවට පැමිණ සිටිනවා. ඒ අනුව දිනකට ලක්ෂයට සිරි දළදා වන්දනාවට අවස්ථාව ලබා දුන්නත්…දැනට ඉන්න පෝලිම අවසන් වෙන්න තවත් දින තුනක් ගතවෙනවා. 

ඒ නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා හෙට සහ අනිද්දා දින දෙකේ පැමිණීමෙන් වළකින ලෙසට. 

අපි අද සිට පෝලිමේ සිටින අයවලුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් නිකුත්කිරීමට කටයුතු කරනවා. අද රාත්‍රියේ සිට ඒ කටයුත්ත ආරම්භ කරනවා. 

ඒ අනුව පළවෙනියට ආපු මහජනතාවට පළමුවෙන්ම දළදා වහන්සේ වැදපුදාගෙන යන්න පුළුවන් වැඩපිළිවෙළ අදට සිට ක්‍රියාත්මක වෙනවා” 

RELATED: සිරි දළදා වන්දනාව 7 වන දිනයටත්