Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

2 years ago

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 22වනදා රාත්‍රියේ වැල්ලම්පිටිය, ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සිදුවූ වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියසාද් නැමත්තා ජීවිතක්ෂයට පත් විය.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂනයේදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.