Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගෙන් ඉන්දීය අගමැතිට දුරකථන ඇමතුමක්

2 years ago

ඉන්දියාවේ ජම්බු කාෂ්මීරයේ පහළගම්හි ප්‍රදේශයේ පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අද (25) දහවල් දුරකථන ඇමතුමක් ලබා දෙමින් මේ බව සඳහන් කර තිබෙනවා.

විනාඩි පහළොවකට ආසන්න කාලයක් දෙරටේ නායකයෝ දුරකථන සංවාදයේ නිරත වී තිබෙනවා.

මෙම ප්‍රහාරය දැනගත් මොහොතේ තමන් මහත් කම්පාවට පත් වූ බවත් ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ලොව කොතනක වුවද ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය තරයේ හෙළා දකින බවයි ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත්තේ.

එසේම, මතු වී ඇති තත්ත්වය හේතුවෙන් වර්ධනය වී තිබෙන උණුසුම්කාරී වාතාවරණය ඉක්මනින් පහ වී කලාපීය සාමය තහවුරු වනු දැකීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.