ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අද (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් පැවසීය.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 68 වන වියේ පසු වුණා.
මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබාදුන් සමන් ද සිල්වා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති අතර ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ.
1975 වසරේ සංගීත ක්ෂේත්‍රයට පිවිසි සමන් ද සිල්වා, දශක 04 කට අධික කාලයක් මෙරට රසිකයන් සිය ගීත ඔස්සේ අමන්දානන්දයට පත් කළා.
