2024 උසස් පෙළ විභාගයේ සමත් ප්‍රතිශතය පසුගිය වසරවලට වඩා ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ උසස් පෙළ විභාගයේ විෂයන් තුනම අසමත් අපේක්ෂකයින් 29,244 දෙනෙකු ද සිටින බවයි.
2024 උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 274,361 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 177,588 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් ලබා තිබෙනවා.
එය සමස්ත අයැදුම්කරුවන්ගෙන් 64.73% ක ප්‍රතිශතයක්.
මෙවර විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් 456 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට ද විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මැයි 02 වැනිදා සිට 16 වැනිදා දක්වා මාර්ගගතක්‍රමයට අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි, විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.
