රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සිදුකළ සංගණනයේ මුලික වාර්තාවට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,156,018ක් බව සඳහන්.
එම සේවකයින්ගෙන් සියයට 50.5ක් පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් සියයට 49.5ක් වන බව සඳහන්ය.
අවසන් වරට 2016 වර්ෂයේදී සිදු කළ සංගණනයේදී රාජ්‍ය අංශයේ සේවකයින් 938,763 දෙනෙකු සහ අර්ධ රාජ්‍ය අංශයේ 217,255 දෙනෙකු සිටින බව අනාවරණය වී ඇත.
2016 වර්ෂයේ සිදුකළ සංගණනයට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,119,475කි.
මෙවර සංගණනයේදී එම සංඛ්‍යාව 46,543කින් ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් අර්ධ රාජ්‍ය ආයතනවල අනුබද්ධිත ආයතනවල සේවකයින්, යුද, නාවික සහ ගුවන් හමුදා සේවකයින් මෙන්ම අර්ධ රාජ්‍ය අංශයේ වතු ක්ෂේත්රයේ කම්කරුවන් ද මෙම සංගණනයට ඇතුළත් කර නොමැති බව සඳහන්ය.
