Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වියට්නාමයට යාමට සැරසෙන ජනපති අනුර

2 years ago

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජාත්‍යන්තර වෙසක් දිනය පදනම් කරගනිමින් ජනාධිපතිවරයා වියට්නාමයේ රාජ්‍ය නිල සංචාරයක නිරත වීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර වියට්නාමයේ දී ජනාධිපතිවරයා විසින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත අතර, එම යෝජනා ඊයේ (28) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ බව ද ඔහු පැවසීය.