මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බව අනාවරණය වී තිබෙනවා.
ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ලබාගෙන තිබේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ 2024 රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් සමීක්ෂණයේ මූලික වාර්තාවක මේ බව සඳහන් වනවා.
