පොළොන්නරුව හබරණ මාර්ගයේ මින්නේරිය යුද හමුදා කඳවුර අසලදී අද (01) පස්වරුවේ සිදුවූ බස් අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
මියගිය දෙදෙනාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය පවසනවා.
කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ කොළඹ සිට කදුරුවෙල දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.
අනතුරින් බස් රථදෙකෙහි ගමන් කළ පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා පොළොන්නරුව සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කර තිබේ.
මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
