Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සබරගමු සරසවි සිසුවාගේ මරණය ගැන රටම කම්පා වෙද්දී ජපුරෙනුත් තවත් සිදුවීමක් වාර්තා වෙ‍යි! සිසුන් පිරිසක් එක්ව සිසුවෙකුට හෙල්මට්වලින් පහර දීලා!

2 years ago

නවක වදයට විරුද්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේ හා සිව්වන වසරේ සිසුන් පිරිසක් පහරදී තිබේ.

පහරකෑ සිසුවා මේ වනවිට වැලිගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.  

පහරකෑ සිසුවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තුළ නවක වදයට විරුද්ධ වූ අයෙකු බව පැවසේ.

එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිව විශ්වවිද්‍යාල භූමියේ සැරිසැරීම ද මෙම පහරදීමට හේතු වී ඇත.

සිසුන් 20ක පමණ පිරිසක් තම නේවාසිකාගාරයටම පැමිණ හෙල්මට්වලින් හිසට සහ කොන්ද ප්‍රදේශයට අමානුෂික ලෙස පහරදුන් බව එම සිසුවා පවසයි. 

නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණයේ පිළිබඳව රට තුළ දැඩි කථාබහක් මතුව ඇති පසුබිමක මෙම පහරදීම සිදුව තිබීම විශේෂත්වයකි.