Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි බිල ඉහළ දමනවා – ජනපති

2 years ago

විදුලි ගාස්තුවල යම් මිල වැඩි කිරීමක් සිදුකිරීමට සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව එළැඹෙන ජූනි මාසයේ සිට මෙම මිල වැඩි කිරීම සිදුවනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් එය පසුගිය දෙසැම්බර් මාසයේ තිබූ විදුලි බිලට වඩා වැඩි අගයක් නොගනු ඇති බව ඔහු පවසනවා.

වසරකට දෙවතාවක් සිදුවන විදුලි මිල සංශෝධනය අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.

විදුලිබල මණ්ඩලය ඇති බිලියන 200ක ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුවගතකරණය කර ඇති බවත්, ඒ අනුව ඉන් කොටසක් විදුලි බිලට එකතු වනු ඇති බව ඔහු සඳහන් කර සිටියේය.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියා.