සබරගමු සරසවියේ නවකවද සිද්ධියට සම්බන්ධ වරදකරුවන් හට අපරාධ පනත යටතේ නඩු පවරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකටට එක්වෙමින්.
මේ අතර නවකවදයට මුහුණ දෙන සිසුවෙකුට ඒ පිළිබඳ දැනුම් දීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු යෙදවීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය, මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එක් එක් විශ්වවිද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව එම නිලධාරියා පත්කරන බවයි.
