Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දින 90කදී අල්ලස් පැමිණිළි 1,000 පනී! කප් එක පොලීසියට!

2 years ago

මේ වසරේ ජනවාරි මස 01වනදා සිට මාර්තු මස 31 දක්වා ගතවු පළමු මාස 03 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,267ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 24ක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 06 දෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර විදුහල්පතිවරයෙකු, කම්කරු නිලධාරියෙකු, ක්ෂේත්‍ර නිලධාරියෙකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙකු ඒ අතර වන බව සඳහන්.
 
එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, සංවර්ධන නිලධාරියෙකු, අධිකරණ අමාත්‍යංශ සේවකයෙකු, පළාත් ආදායම් දෙපාර්තමේන්තු තක්සේරු නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු ද සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.