කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයෙකුට පොලිසිය විසින් වෙඩිතබා තිබෙනවා.
ඒ කටුනායක 18 කණුව ප්‍රදේශයේයි.
මෙම පුද්ගලයා පොලිස් නිලධාරියෙකුට පිහියෙන් ඇනීමට උත්සාහ කළ අවස්ථාවේදි පොලිසිය විසින් ඔහුගේ දණහිසින් පහළට වෙඩි තබා ඇති බව සඳහන්.
එම වෙඩි වැදුණු පුද්ගලයා සීදුව කුමාරතුංග රෝහලට ඇතුළත්කර ඇති අතර සිදුවීම පිළිබඳව කටුනායක පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
