Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 20 ඉක්මවා යයි! තුවාලකරුවන් රැගෙන ඒමට හෙළිකොප්ටර් යොදවයි!

2 years ago

UPDATE(12.30 am) රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

මේ අතර අනතුරෙන් බරපතල තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හෙලිකොප්ටර 2ක් යෙදවීමට පියවර ගත් බවයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.

—————————————————————————–

UPDATE(11.15 am): රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

——————————————————————

UPDATE(10.55 am): රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

———————————————————————————–

UPDATE(9.40 am): රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ දක්වා එම අනතුරින් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇත.

———————————————————————————–

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට එම අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් ඇත.

අනතුරින් පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොත්මලේ පොලීසිය පැවසීය.

බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.

අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් 08 දෙනාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි. 

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.