Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජීවිත 21ක් බිළිගෙන අඩි 100ක ප්‍රපාතයක නතර වූ බස් රථය ගොඩගනී (ඡායාරූප)

2 years ago

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලුණු බස් රථය (11) පස්වරුවේ ගොඩගෙන තිබෙනවා.

ඒ පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි.

එලෙස ගොඩගත් බස් රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ මෙම ලංගම බස් රථය අද (11) අලුයම ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුරට ලක්ව තිබුණා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් 21 දෙනෙකුට දිවි අහිමි විය.

එලෙස මියගිය පිරිස අතර කාන්තාවන් 05 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.