Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් අනතුරේ වේදනා මැද ඉස්මතු කළ මව් සෙනෙහස රටම සංවේදී කරයි! සය මස් බිළිඳාගේ දිවි බේරා දී මව ජීවිතය හැර යයි!

2 years ago

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ අද (11) පෙරවරුවේ සිදු වූ බස් අනතුරෙන් මියගිය ගණන 22ක් දක්වා මේ වනවිට ඉහළගොස් තිබේ.

මෙම අනතුරෙන් රටම වේදනාවෙන් සිටියදී, සිය ඉණෙන් පහළ කොටස බසයට යටව තිබියදීත් තම සයමස් වියැති බිලිඳියක ආවරණය කරගෙන සිටින ආකාරය දැක්වෙන සංවේදී දර්ශනය බොහෝ දෙනෙකුට රිදුම් දුන් සිදුවීමක් විය.

මෙම අවාසනාවන්ත අනතුරෙන් තම දරුවා හා බිරිඳ ආසන්නයේම සිටි පියා ඒ වනවිටත් බසයට යටව මියගොස් සිටියේය.

පැය කිහිපයක මුදවාගැනීමේ මෙහෙයුමකින් පසු මව සහ බිලිඳා රෝහල්ගත කෙරුණි.

කෙසේ නමුත් රෝහල්ගත කිරීමෙන් පසුව මව පස්වරුවේ ජීවිතක්ෂයට පත්විය.

මේ වනවිට බිලිඳා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල වෙත මාරුකර යවා ඇත.

බස් රථයේ සුන්බුන් අතර තවදුරටත් පොරබැදීමට තරම් සවියක් නොතිබුණත් මරණ මංචකය පෙනී පෙනී සිය බිලිඳාට උණුසුම දී රැකවරණය සැලසීමට තරම් ඇගේ මාතෘත්වය ශක්තිමත් වී තිබීම කාගේත් අවධානයට ලක් විය.

මෙම අනතුරින් පුද්ගලයින් විසි දෙදෙනෙකුට දිවි අහිමි වූ අතර ඒ අතර කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු සිටින බව සඳහන්.