Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් පිළිබඳ දැනුම්දීමක්

2 years ago

දිවයින පුරා 2025 වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ  අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසූ බවට “ලංකාදීප” පුවත්පත වාර්තා කර තිබෙනවා.

මේ වසරේ මේ දක්වා කාලය ඇතුළත ඩෙංගු මරණ හතක් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළා.

දිවයින පුරා ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වසම් 38ක් හඳුනාගෙන ඇති බවත් පසුගිය වසරේ මැයි අප්‍රේල් මාස වලට සාපේක්ෂව මේ වසරේ මැයි අප්‍රේල් කාලයේදී ඩෙංගු පැතිරීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කළ බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 2355ක් වාර්තා වී අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් බෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

එමෙන්ම බස්නාහිර පළාතෙන් වෙන්වු රෝගීන් වාර්තා වීම 48% ක් බව සුදත් සමරවීර මහතා පවසනවා.

ඒ අනුව ඩෙංගු  පැතිරීම පාලනය කිරීම සඳහා ලබන 19 සහ  24 කාලසීමාවේදී  එම රෝග පාලන සතියක් ක්‍රියාත්මක කිරීමට ඩෙංගු  මර්දන ඒකකය සැලසුම් කර තිබෙනවා.

ඩෙංගු රෝගය පාලනය කරගැනීම සඳහා තම ගෙවත්තේ සහ රැකියා ස්ථානවල  මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස එම ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම දිගු කලක් උණ තත්ත්වයන් පවතින්නේ නම් වහාම ළඟම ඇති රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසටද ඉල්ලීම් කළා.