ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජන සංහාරයක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් කැනඩාවෙන් පිටව යන ලෙසට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්රික් බ්‍රවුන් පවසනවා.
එරට තුළ ද්‍රවිඩ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ඇගයීමට ලක් කරමින් එම උත්සව අවස්ථාවට එක්ව නගරාධිපතිවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් කැනඩාව තුළ නොසලකා හරින බවයි.
“ජන සංහාරය ප්‍රතික්ෂේප කරන්නන්, ඔබව බ්‍රැම්ප්ටන්හි පිළිගන්නේ නැත, කැනඩාවට ඔබව පිළිගන්නේ නැත. ආපසු කොළඹට යන්න” එම අනුස්මරණ ස්මාරකය විවෘත කිරීමේ උත්සවයේදී බ්‍රැම්ප්ටන් නගරාධිපතිවරයා පැවසීය.
දෙමළ ජනයාට විඳදරාගැනීමට සිදු වූ ප්රචණ්ඩත්වය පිළිබඳව ඔහු මුලින්ම දැනගත් දා සිට ස්මාරකය ඉදිකිරීම තමාගේ පෞද්ගලික අරමුණක් වූ බව නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
එමෙන්ම 2009 දී දෙමළ සරණාගතයෙක් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් මරාදමන ආකාරය තමාට පැවසූ ආකාරය ද නගරාධිපතිවරයා එහිදී සිහිපත් කළේය.
ස්මාරක සැලසුම් හෙළි වූ පසු බ්‍රැම්ප්ටන් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ සහ විරෝධතාකරුවන්ගේ විරෝධයට මුහුණදීමට සිදු වූ බවද ඔහු පවසා සිටියා.
විදේශීය ඇඟිලි ගැසීම් තිබුණත් ඉතිහාසය නොසළකා හැරීමට හෝ අමතක කළ නොහැකි බව ද ඔහු පැවසීය.
“ශ්‍රී ලංකා රජය වැරදි තොරතුරු නිකුත් කළා, සත්‍යය වෙනුවෙන් කතාකරන දෙමළ ජනයාට අපහාස කිරීමට සහ පහරදීමට උත්සාහ කර තිබෙනවා. නමුත් අපි සත්‍යය දන්නවා, එහි ප්‍රතිඵලය තමයි අද අපි දකින මේ ස්මාරකය.” ඔහු පැවසීය.
