ලියාපදිංචි සහ චැසි අංක අංක දරණ නව මෝටර් වාහන සඳහා දැනට අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.
අංක තහඩුවල පවතින හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙයට අතුරු විසඳුමක් ලෙස, වාහන අංකය ඇතුළත් සහ ලියාපදිංචිය වලංගු බව තහවුරු කරන ලිපියක් සහිතව වාහන භාවිත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තාවකාලික අවසරයක් ලබා දී තිබෙනවා.

