හලාවත, විලවත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව ස්වාමිපුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කරගනිමින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා.
වෙඩි තැබීමෙන් අනතුරුව සැකකාර සැමියාද ගෙල වැලලා ගැනීමට උත්සාහ කර ඇති බව සඳහන්.
දෙදෙනාම මේ වන විට රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
